ආසාදන යනු මොනවාද?
ක්ෂුද්‍ර ජීවීන් විසින් ඇතිකරන රෝග ආසාදන ලෙස හැඳින්වේ. පියවි ඇසට නොපෙනෙන රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩ 4කි
1) වෛරස
2) බැක්ටීරියා
3) දිලීර
4) පැරසයිට
සියළුම ක්ෂුද්‍ර ජීවී ආසාදන මෙම කාණ්ඩ 4 මගින් සිදු කරන අතර බහුලව පවතින සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළුව බොහෝමයක් ආසාදන වලට හේතු වන්නේ වෛරසයි
ප්‍රතිජීවක යනු මොනවාද?
පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවී රෝගකාරක විශේෂයක් වන බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියාත්මක විය හැකි රසායන ද්‍රව්‍ය ප්‍රතිජීවක (Antibiotics) ලෙස හැදින්වේ.
ප්‍රතිජීවක වල ඉතිහාසය
1928 දී සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් අහඹු අත්වැරදීමකින් සොයාගත් පෙනිසිලින්, ලොව පලමු වරට සායනික භාවිතය සදහා යොදාගත් ප්‍රතිජීවකයයි.පසුකාලීනව වරින් වර සිදු කල පර්යේෂණ මගින් වෙනස් ව්‍යුහ වලින් යුත් ක්‍රියාකාරීත්වයෙන් හා ඵලදායීතාවයෙන් වැඩි ප්‍රතිජීවක කාණ්ඩ භාවිතයට එකතු විය. කෙසේ වුවද පසුකාලීනව බහු ජාතික ඖෂධ සමාගම් ප්‍රතිජීවක නිෂ්පාදනය හා අලෙවිය ලාභ ලබන ව්‍යාපාරයක් නොවන බව හඳුනා ගත් නිසා නව ප්‍රතිජීවක හඳුනාගැනීම සඳහා සිදුකරන පර්යේෂණ මන්දගාමී විය. එමනිසා සමස්තයක් ලෙස වර්ථමානයේ අප සතුව ඇත්තේ ඉතා සීමිත ප්‍රතිජීවක කාණ්ඩ ගනනකි
ප්‍රතිජීවක වල ක්‍රියාකාරීත්වය හා ප්‍රතිරෝධීතාවය.
බැක්ටීරියා ව්‍යුහය හෝ රසායනික ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවමින් එය අඩපන කිරීම හෝ විනාශ කිරීම ප්‍රතිජීවක වල කාර්ය භාරයයි
ප්‍රතිජීවක ප්‍රතිරෝධය යනු බැක්ටීරියා විසින් තම ආරක්ෂාව සඳහා ඇතිකරගන්නා ස්වාභාවික යාන්ත්‍රනයකි. බැක්ටීරියා ගුණනය වීමේදි අහඹු ලෙස සිදුවන ව්‍යුහමය හා කෘත්‍යයමය විකෘතිතා ප්‍රතිජීවක ප්‍රතිරෝධයට හේතුව විය හැක. එහෙත් ප්‍රතිජීවක අවභාවිතය ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය වේගවත් වීමට ප්‍රධාන හේතුවයි.
ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය හේතුවෙන් ප්‍රතිරෝධි බැක්ටීරියා ආසාදන වලට එරෙහිව ක්‍රියා කිරීමට ඖෂධ නොමැතිවීම නිසා ආසාදන සුව කර ගැනීමට විකල්පයක් නොමැති විය හැක.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය අද ගෝලීය සෞඛ්‍යයට, ආහාර සුරක්ෂිතතාවට සහ සංවර්ධනයට ඇති ලොකුම තර්ජනයකි. ප්‍රතිජීවක ප්‍රතිරෝධය. ඕනෑම රටක වෙසෙන, ඕනෑම වයසක,ඕනෑම පුද්ගලයකුට බලපෑමට ඉඩ ඇත.
ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවක අඩු ඵලදායී වන බැවින් නියුමෝනියාව, ක්ෂය රෝගය, ගොනෝරියා සහ සැල්මොනෙලෝසිස් වැනි රෝග වලට ප්‍රතිකාර කිරීම දිනෙන් දින දුෂ්කර වෙමින් පවතී.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය දිගු කාලයක් රෝහල් ගතව සිටීම, වෛද්‍ය වියදම් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව වැඩි කිරීමට හේතු වේ. ප්‍රතිජීවක භාවිතයට ප්‍රතිචාර වශයෙන් බැක්ටීරියා වෙනස් වන විට ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතිවේ.
මෙම ප්‍රතිරෝධි බැක්ටීරියා මිනිසුන්ට සහ සතුන්ට ආසාදනය විය හැකි අතර ඒවායින් ඇති කරන ආසාදන,ප්‍රතිජීවක ප්‍රතිරෝධී නොවන බැක්ටීරියා නිසා ඇති වන ආසාදනවලට වඩා ප්‍රතිකාර කිරීම අපහසුය
සීමිත ප්‍රතිජීවක කාණ්ඩ ගනන,බහු ප්‍රතිජීවක ප්‍රතිරෝධය ,ප්‍රතිජීවක අවභාවිතය මරණ අනුපාත වැඩි කිරීම මගින් මානව සංහතියටම දරුණු බලපෑමක් කිරීමට ඉඩ තිබේ.
එබැවින් ප්‍රතිජීවක ඖෂධ නියම කරන සහ භාවිත කරන ආකාරය ලෝකය වහා වෙනස් කල යුතුය. අප ප්‍රතිජීවක භාවිතය ක්‍රමවත් නොකලහොත්,එමගින් ඇතිකරන ප්‍රතිජීවක ප්‍රතිරෝධය මානව පැවැත්මට විශාල තර්ජනයක් වනු ඇත.
ආසාදන අවම කරමු
චර්යා වෙනස්කම් ඇතිකරගැනීම, අත් සේදීම, එන්නත් කිරීම, මුඛ ආවරණ පැළඳීම,සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාව, ආරක්ෂිත හැසිරීම් සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර හරහා ආසාදන පැතිරීම අවම කිරීම මගින් ප්‍රතිජීවක වල අවශ්‍යතාවය සීමා කරගත හැකිය.
එබැවින් ජනසමාජය ප්‍රතිජීවක වල තාර්කික යහ භාවිතය පිළිබදව දැනුවත්වීම ඉතා වැදගත්ය
ප්‍රතිජීවක භාවිතයේ මූලිකාංග
භාවිතයේ අවශ්‍යතාවය හදුනා ගැනීම
සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ආසාදන වලින් බොහෝ ප්‍රතිශතයකට හේතුව වෛරස වන අතර ප්‍රතිජීවක වල ක්‍රියාකාරිත්වය බැක්ටීරියා වලට එරෙහිව පමණක් සිදුවේ එනම් වැරැදි හදුනා ගැනීමකින් වෛරස දිලීර හෝ පැරසයිට වෙනුවෙන් ප්‍රතිජීවක යොදාගතහොත් මිනිස් සිරුරට සිදුවන හානියක් මිස වාසියක් නැත.
වෘත්තීයමය මාර්ගෝපදේශනය
ඉහත දැක්වු නිසි හදුනා ගැනීම පහසු කටයුත්තක් නොවේ.ඒ සදහා රෝග,රෝගකාරක හා ඖෂධ පිලිබද යාවත්කාලීන දැනුමක් සහිත වෛද්‍යවරුන්ගේ වෘත්තීයමය සහයෝගය අත්‍යාවශ්‍ය වේ
ආසාදනයක් නිවැරදිව සුව කර ගැනීම සදහා සුදුසුකම් සහිත වෘත්තීකයකු නියම කල අදාල නිසි ප්‍රමිතියකින් යුක් නිවැරදි ප්‍රතිජීවක වට්ටෝරුව නිවැරදි මාත්‍රාවෙන් නිසි කාල පරාස වලින් මුළු කාල සීමාවම ලබාගත යුතුය මෙම ප්‍රතිජීවක එම අවස්ථාවට පමණක් භාවිත කල යුතු අතර නැවත අවස්ථාවකට භාවිත නොකල යුතුය වෙනස්කම් කිරීමට අවශ්‍යතාවය ඇති වුවහොත් නැවත වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය
1)මාත්‍රාව
එක් වරකට භාවිත කල යුතු ඖෂධ ප්‍රමාණයයි නියම කරන ලද ප්‍රමාණය(ස්කන්ධය/පරිමාව) ඉක්මවීම හෝ අඩු කිරීම සිදු නොකල යුතුය
2)කාල සීමාව
ඖෂධය භාවිතා කල යුතු මූළු නිර්දේශිත දින ගනන නොකඩවා සම්පූර්ණ කල යුතුය
3)මාත්‍රා 2ක් අතර කාල පරාසය
ඖෂධ මාත්‍රා 2ක් අතර කාල පරාසයට නියමිත පැය ගනන ඖෂධයෙන් ඖෂධයට හා අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් විය හැකි අතර එය නියම කල පරිදි නොකඩවා ලබාගත යුතුය
4)නිෂ්පාදන ප්‍රමිතිය
ඖෂධ වල නිෂ්පාදන ප්‍රමිතිය ගැන සැලකිලිමත් විය යුතු අතර ඉහල ප්‍රමිතියකින් යුත් ඖෂධ පමණක් ලබාගත යුතුය .මෙය නිෂ්පාදන නාමය සහිතව ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමට අනුබල දීමක් නොවේ
ඖෂධ නියාමන කොමිෂන් සභාව වැනි රජයේ ආයතන ප්‍රමිතිගත ඖෂධ පමණක් අනුමත කළ යුතුය.
ස්වයං නිර්දේශිත බෙහෙත් වට්ටෝරු
තමන් විසින්ම හෝ වෘත්තීයමය සුදුසුකම් රහිත සමීපතමයකු විසින් ප්‍රතිජීවක නියම කර ගැනීම ඉතා භයානක තත්වයකි ඉහත සදහන් කල වෘත්තීය පලපුරුද්ද නොමැතිව හෝ ඉතිරි වූ හෝ තමාට හෝ වෙන අයෙකුට වෙනත් අවස්ථාවක නිර්දේශ කල ප්‍රතිජීවක සමාන රෝග ලක්ෂණ වලට යොදා ගැනීම ලාභදායි හා පහසු ලෙස හැගුනත් වැරදි තීරනයක් වීමට ඇති අවස්ථාව ඉතා ඉහලය ළදරුවන්ට ඇතිවන රෝග ලක්ෂණ සදහා වැඩිහිටියකුට නියම කල ප්‍රතිජීවක වල ඉතිරි කොටස ලබා දීම ඉතා භයානක අතුරු ප්‍රතිඵල ලබා දීමට හේතුවක් විය හැකිය
අනුමාන චිකිත්සාව හා තහවුරු කල චිකිත්සාව
බොහෝවිට වෛද්‍යවරයකු විසින් ප්‍රතිජීවක නියම කරනු ලබන්නේ රෝග ලක්ෂණ වලින් පෙන්නුම් කරන සාධක පදනම් කරගෙනය.. එනම් අනුමානයක් මතය (පසුව වෛද්‍ය රසායනාගාරයක කරන පරීක්ෂණ මත පදනම්ව ආසාදනය තහවුරු කරගනී) එම අනුමානය නිවැරදි වුවද, රෝගකාරක බැක්ටීරියාව යොදාගත් ප්‍රතිජීවකයට සංවේදී වුවද, පුළුල් පරිමාණ(Broad Spectrum) ප්‍රතිජීවක යොදාගැනීමට සිදුවන නිසා රෝගකාරක නොවන ශරීරයේ ජීවත්වන හිතකර බැක්ටීරියා(Commensal flora) හානියට ලක්වීම හා පසුකාලීනව බහු ප්‍රතිජීවක ප්‍රතිරෝධී රෝගකාරක බැක්ටීරියා බවට පරිවර්තනය වීමේ සම්භාවිතාව අධිකය.
වඩා නිවැරදි භාවිතය වන්නේ තහවුරු කල චිකිත්සාවයි මෙය කාලය ශ්‍රමය ගතවන ක්‍රියාවලියකි
මෙහිදී ජීවානුහරිත බහාලනයකට ආසාදනය ඇතැයි තහවුරු කල ලක්ෂණ පෙන්වන ශරීරයේ කොටසෙන් සාම්පල ලබාගෙන ඒවා ක්ෂුද්‍ර ජීව රසායනාගාරයක බැක්ටීරියා වගා මාධ්‍ය වල වගා කරයි.බැක්ටීරියාවක් ඒවා මත වැඩුණ හොත් විවිධ පරීක්ෂණ වලින් හදුනා ගනු ලබයි ඉන්පසු රසායනාගාරය තුල අදාල බැක්ටීරියට එරෙහිව යොදාගත හැකි ප්‍රතිජීවක වලට අදාල බැක්ටීරියාව දරන ප්‍රතිචාරය පරීක්ෂා කරයි
මෙහි වාසි කිහිපයකි
පලමු කාණ්ඩයේ( first line) වඩා සරලම හා අවම අතුරු ප්‍රතිඵල සහිත පටු පරිමාණ (narrow spectrum )ප්‍රතිජීවක තෝරා ගැනීමේ හැකියාව
ඇතැම් බැක්ටීරියා කාණ්ඩවලට යොදාගන්නා පෙනිසිලින් හා සෙපලොස්පෝරින වැනි ප්‍රතිජීවක වල අවම බැක්ටීරියා නිශේදන සාන්ද්‍රනය (MIC) හෝ අවම බැක්ටීරියා නාශක සාන්ද්‍රනය (MBC) ගනනය කල නිවැරදි අවම සාන්ද්‍රනය භාවිත කල හැකි වීම
ජීවිත ආරක්ෂාවට වැදගත් නිසා අනුමාන චිකිත්සාව සම්පූර්ණයෙන්ම බැහැර කල නොහැකිය නමුත් හැකි සෑම විටෙකදීම තහවුරු කල චිකිත්සාව පමණක් භාවිත කිරීම හෝ අනුමාන චිකිත්සාවෙන් තහවුරු කල චිකිත්සාවට හුවමාරු විය යුතුය. අවශ්‍යතාවය හා පරීක්ෂණ ප්‍රතිඵල මත ප්‍රතිජීවක භාවිත ක්‍රියාවලියේ අඩු වැඩි කිරීම් හා වෙනස්කම් සිදුකල යුතුය
කෘෂිකාර්මය, සත්ව පාලනය,හා මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රතිජීවක යොදාගැනීම්
වැඩි අස්වැන්න, සතුන්ට වැලදෙන රෝග අවම කර ගැනීම ,කල්තබා ගැනීම හා නරක් වීම වැලැක්වීම යන විවිධ අරමුණු හේතුවෙන් කෘෂිකාර්මය, සත්ව පාලනය, කරදිය මිරිදිය හා කිවුල්දිය මත්ස්‍යය කර්මාන්තය වැනි විවිධ ක්ෂේත්‍රවල ක්ෂුද්‍ර ජීවී නාශක බහුලව යොදා ගැනේ මෙයින් එක් ද්‍රව්‍යක් වන්නේ ප්‍රතිජීවකයි මෙහිදී පාලනයකින් තොරව පුළුල් පරිමාණ ප්‍රතිජීවක අධිමාත්‍ර වලින් යොදාගැනීම ඉතා භයානකය
දීර්ඝ කාලීනව ආහාර හරහා අධිමාත්‍ර වලින් නොදැනුවත්ව ශරීරයට ප්‍රතිජීවක ඇතුළු වීම විවිධ අතුරු ආබාධ වලට අමතරව රෝගකාරක නොවන ශරීරයේ ජීවත්වන හිතකර බැක්ටීරියා බහු ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය සහිත දරුණු රෝගකාරක බවට පරිවර්තනයකට සෘජුවම දායක විය හැක
තත්ව පාලනය හා තත්ව සහතිකය
ඖෂධ නියාමන අධිකාරිය සෑම ප්‍රතිජීවකයක්ම අනුමත කිරීමට පෙර මෙන්ම අනුමත කිරීමෙන් පසුද සියලු ප්‍රතිජීවක වල තත්ත්වය පිලිබද නිරන්තර පරීක්ෂාවෙන් සිටිය යුතුය.රජය මෙන්ම අන් සියළුම වගකිවයුතු රජයේ ආයතන තත්ව පාලන හා තත්ව සහතික ක්‍රියාවලි වලට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතුය ප්‍රතිජීවක සම්බන්ධයෙන් සිදු කරන ප්‍රතිජීවක සංවේදීතා පරීක්ෂණ (Antibiotic Sensitivity Testing) ඇතුළු සියළු ක්ෂුද්‍ර රසායනාගාර පරීක්ෂණ, අවශ්‍ය අධීක්ෂණය යටතේ තත්ව පාලනය හා තත්ව සහතිකය පවත්වාගෙන යාමට කටයුතු කල යුතුය
නිරන්තර ප්‍රායෝගික විමර්ශන
විශාල ගුණනය වීමේ සීග්‍රතාවයකින් යුක්ත බැක්ටීරියා වල ජාන ලක්ෂණ නිරන්තරයෙන් වෙනස් වීම වලට ලක්වේ ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය මේ වෙනස්කම් වල අතුරු ප්‍රතිඵලයකි. එබැවින් ජන සමාජයේ ප්‍රතිජීවක හා රෝගකාරක බැක්ටීරියා අතර අන්තර් ක්‍රියාකාරීත්වය පිලිබද නිරන්තර විමර්ශන වල යෙදීම ඉතා වැදගත්ය මේ මගින් අපට පවතින තත්ත්වය පිලිබද යාවත්කාලීන දැනුමක් ලබාගැනීමටත් ප්‍රතිජීවක වලට එරෙහිව බැක්ටීරියා වල අනාගත හැසීරීම පුරෝකතනය කර, වඩා ඉක්මනින් අදාල ක්‍රියාමාර්ග ගැනීම මගින් බැක්ටීරියා වලට වඩා ඉදිරියෙන් සිටීමටත් හැකියාව ලැබේ
2019 වර්ෂයේ පමණක් ලෝකයේ සිදුවූ මරණ වලින් මිලියන 1.27 ක් ප්‍රතිජීවක අවභාවිතය හේතුවෙන් ඇතිවූ ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය නිසා සිදුවූ බවට ගනනය කර ඇති අතර 2050 දී මෙම අගය වාර්ෂිකව මිලියන 10 ඉක්මවනු ඇතැයි ගනන් බලා ඇත.
බුද්ධිමත් ප්‍රවේශයකින් තාර්කික ප්‍රතිජීවක යහ භාවිතය (Rational Use of Antibiotics )මගින් අප සතුව ඇති සීමිත ප්‍රතිජීවක කාණ්ඩ සුදුසු ලෙස ,මනාව කලමණාකරනය කර ගත හොත් තවත් බොහෝ කාලයක් ජිවිත ආරක්ෂාවට කටයුතු කිරීමට මෙම ප්‍රතිජීවක කාණ්ඩ ගනන ප්‍රමාණවත්ය.
සටහන
A .W.G.මාලක සමීර වෛද්‍ය රසායනාගාර කාර්මික ව්ද්‍යාඥ [BMLS(Hons)(USJP),HND in MLT(NIHS)]
තොරතුරු දායකත්වය:
W.A.මනෝරී පියුමාල් සමරනායක ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍යතුමිය [MBBS(UoP),MD & Dip.in Medical Microbiology(UoC)]