තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි...

How we create national Fuel Pass

Blog
17. Jul 2022
4691 views
 තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි...
  • මොනවාද ඕනෙ විස්තර
  1. ජාතික හැදුනුම්පත් අංකය
  2. දුරකතන අංකය
  3. මුල් නම
  4. වාසගම/අග නම
  5. ලිපිනය
  6. වාහනයේ ලියාපදිංචි අංකය
  7. වාහනයේ චැසි අංකය
  8. වාහනයේ වර්ගය
  9. ඉන්ධන වර්ගය
  10. SMS මගින් දුරකතනයට ලැබෙන OTP(One Time Password) අංකය
  • කොහොමද ලියාපදිංචි වෙන්නේ
  1. මුලින්ම https://fuelpass.gov.lk කියන දිගුව මත ක්ලික් කරන්න.
  2. ඔයාගේ තිරය මත මෙය දිස්වෙයි
  3. මෙහි Register ලෙස දිස්වන වම්පස බොත්තම මත click කරන්න
  4. එතකොට තව පෝරමයක් පුරවන්න වෙනවා මේ තියෙන්නේ ඒක
  5. මේ පෝරමය ඔයාගේ දුරකතනය මත දිස් උනාම දකුනු පස NIC ලෙස දිස්වන කොටස එසේම තිබියදී ඔයාගේ ජාතික හැදුනුම්පත් අංකය වම්පස ඉහල කොටුවේ සදහන් කරන්න
    (ඔයාට ජාතික හැදුනුම්පතක් නැත්නම් පාස්පෝට් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය(BRN) මෙයට යොදන්න පුලුවන් ඊට පෙර දකුනු පස කොටුවේ අදාල අයිතමය passport no./BRN තෝරා ගන්න වෙනවා) ,
    SMS යවන්න පුලුවන් ජංගම දුරකතන අංකයක් නිවැරදිව සටහන් කර send OTP බොත්තම ක්ලික් කරන්න
  6. ඔබට දැන් ,SMS මාර්ගයෙන් ඉලක්කම් 6ක අංකයක් ලැබේ නියමිත කාලය (විනාඩි 2ක්) ඇතුලත  එම අංකය OTP ලෙස සදහන් කොටුව මත සටහන් කර Verify බොත්තම click කරන්න.
  7. OTP verified උනාට පස්සේ පහලින් තියෙන කොටු 2 මුල් නම අග නම හා ලිපිනය සටහන් කර Next බොත්තම click කරන්න.
  8. හදිස්සියේ වත් ඔයාගේ OTP අංකය ලැබුනේ නැත්තම් කලබල වෙන්න එපා දුරකතන අංකය හරිද කියලා බලලා  වැරදි නම් නිවැරදි කරලා ආයෙත් Resend OTP කියන  බොත්තම click karanna.
    තාම ආරම්භක අවදියේ තියෙන software එකක් සහ ට්‍රැපික් එක වැඩි නිසා සමහර පියවරවල් කිහිප වතාවක් උත්සහා කරන්න වෙනවා.
  9. මේ වෙනකම් හරියට වැඩේ කරලා තිබුනොත් අන්තිම පියවර විදියට තව එක පෝරමයක් පුරවන්න වෙනවා
  10. මේ තියන්නේ ඒක
  11. මේ හිසරදෙත් ඉවර වෙන්නයි යන්නේ
  12. වාහනේ පලාතට අදාල ඉංග්‍රීසි අකුරු නැතිව මුල් ඉලක්කම්/ඉංග්‍රීසි අකුරු 2 හෝ 3 පලමු කොටුවෙත් ඊලග ඉලක්කම් 4 දෙවෙනි කොටුවෙත් නිවැරදිව සටහන් කරන්න. (මේක වරද්දගත්තොත් ලෝක ලෙඩක්)
  13. වාහනේ වර්ගය පහලින් ඇති vehicle type කොටුවෙන් තෝර ගන්න.
  14. වාහනේ චැසි අංකය හිස්තැන් ඉරිකෑලි නැතුව හරියට සටහන් කරන්න අන්තිමට තියෙන බොත්තම් 2න් petrolද dieselද තෝරගන්න කියවන්න මහන්සි වෙන්න එපා.
  15. යටින්ම තියෙන terms and conditions පුංචි කොටුව ක්ලික් කරලා Register බොත්තම click කරන්න.
  16. වාසනාවන්ත නම් එකපාරම හරි ගිහින් ඔයාට මේ වගේ QR CODE එකක් ලැබෙයි( ට්‍රැපික් නිසා කිහිප වතාවක් උත්සහා කරන්න උනත් අතඅරින්න එපා)
  17. අන්තිමට ඔයාට මේවගේ QR code එකක් එයි ඒක සේව් කරලා තියාගන්න.
    පෝලිම් වල දවස් ගන්න රස්තියාදු වෙන කාලය අපි ඉවර කරමු එන්න,QR code හදාගමු.