ලස්සන වෙන්න පැහැපත් වෙන්න ආසයි නේද මෙන්න අපූරු රූ රහස් ටිකක්

ලස්සන වෙන්න පැහැපත් වෙන්න ආසයි නේද මෙන්න අපූරු රූ රහස් ටිකක්

Blog
8. Aug 2022
1932 views
ලස්සන වෙන්න පැහැපත් වෙන්න ආසයි නේද මෙන්න අපූරු රූ රහස් ටිකක්

ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පීය රහස් එක්ක ,කිසිම කෘතීම රසායනිකයක් පාවිච්ච් නොකර සැලෝන් යන්නෙත් නැතුව ලස්සන වෙන්න ,පැහැපත් වෙන්න අපි කියලා දෙන්නම්

ලස්සන වීමේ රහස් ගැන දැනගන්න කලින්, අපේ සම ගැන අපි චුට්ටක් දැනගෙන ඉමු.

පංච කල්‍යාණියන්ගෙන් එකක් වන සම අපේ සිරුරේ විශාලම ඉන්ද්‍රිය කියලා ඔබ දන්නවාද,එය අපේ සිරුරට සුන්දරත්වයක් එක්කර දෙන්නා සේම සිරුරේ බාහිර ආරක්ෂකයා ලෙස ක්‍රියාකරනවා.
සමේ වර්ණය ලබා දෙන්නේ මෙලනින් කියන තදපැහැති වර්ණකය මෙලනින් වැඩියි නම් සම අදුරු පැහැයක් ගන්නවා අඩුයි නම් සම පැහැපත්.
අපි හැමෝගෙම හම එකවගේ නෑ සමේ ස්වරූපය අනුව කොටස් 4කට බෙදෙනවා

A)සාමාන්‍ය සම-
අධික තෙල් හෝ අධික වියලි ගතියක් නොමැති  සමක්.

B)ව්යලි සම-
තෙතමනයෙන් තොර ඉරිතැලුන සමක්

C) තෙල් සහිත සම-
අධ්ක තෙල් සහිත සමක් (බොහෝ විට කුරුලෑ තිබිය හැකියි.)

D)මිශ්‍ර සම-
නලල ,නාසය නිකට තෙල් සහිතයි අනෙක් කොටස් වියලියි.

සම පැහැපත් කරන දේශීය රහස්

1)සම පිරිසුදු කර ගැනීම

ඔබේ සමේ රැදෙන දූවිලි අපද්‍රව්‍ය සමේ පැහැය අවපැහැගන්වනවා ඒ නිසා ඉස්සෙල්ලාම සම පිරිසිදු කර ගන්න ඕනේ.හැබැයි සබන් නම් පාවිච්චි කරන්න එපා.ඒ සදහා ස්වාභාව්ක සත්කාර කිහිපයක් බලමු.

සාමාන්‍ය සමට- 
නැවුම් කිරි(fresh milk)පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ ආලේප කර සෝදා හරින්න

තෙල් සහිත සමට-
කඩල පිටි,කහ,නැවුම් කිරි මිශ්‍ර කර ආලේප කර සෝදා හරින්න.

වියලි සමට-
බිත්තර කහ මදය,මී පැණි,කුඩු කර ගත් ආමන්ඩ් ඇට,කහ නැවුම් කිරි මිශ්‍ර කර ආලේප කර සෝදා හරින්න

මිශ්‍ර සමට-
පිපිඤ්ඤා හා මී කිරි මිශ්‍ර කර සෝදා හරින්න.

2)ස්ක්‍රබ් කර ගැනීම
 
දිනපතා සමේ මැරෙන සෛල හරිහැටි ඉවත් කලේ නැත්තම් ඒවා සමේ තැන්පත් වෙලා සමට අවපැහැයක් ලබා දෙනවා.ස්ක්‍රබ් කිරීමෙන් වෙන්නේ මේ මැරුන හම ඉවත් කිරීම.

වියලි සමට-
ඉදුන කෙහෙල් ගෙඩි භාගයයි ඕට්ස් තේ හැදි 2යි මී පැණි තේ හැන්දක් පල්පයක් ලෙස හදලා රවුමට ස්ක්‍රබ් කරලා මුහුණ සෝදගන්න.

මිශ්‍ර හා තෙල් සහිත සමට-
හාල්පිටි තේ හැදි 1
රෝස වතුර තේ හැදි 1
දෙහි බින්දු කිහිපයයි මිශ්‍ර කරලා පල්පයක් හදාගෙන රවුමට ස්ක්‍රබ් කරලා මූණ සෝදගන්න.

සාමාන්‍ය සමට-
සුදු හදුන් කුඩු ,වෙනිවැල් ගැට කුඩු,මී පැණි රෝස වතුර තේ හැන්ද බැගින් ගෙන මිශ්‍ර කර පල්පයක් සාදා රවුමට ස්ක්‍රබ් කර සෝදා ගන්න.

3)ටෝනර් කිරීම

ටෝනර් මගින් සමේ ඇරුනු රෝම කූප වැසෙනවා ඊට අමතරව විෂබීජ නාශකයක් විදිහට ක්‍රියාකරනවා.

ටෝනර් වර්ග කිහිපයකි
*පිපිඤ්ඤා යුෂ හා මී පැණි මිශ්‍ර ටෝනර්
*පිපිඤ්ඤා ,කැරට්,ලෙමන්,මින්චි,යුෂ මිශ්‍ර ටෝනර්
*මී පැණි,ලෙමන් යුෂ,රෝස වතුර මිශ්‍ර ටෝනර්
*කෝමාරිකා,පිපිඤ්ඤා,කොමඩු හෝ කැරට් මිශ්‍ර ටෝනර්
මේවායින් තමන්ට පහසු ටෝනර් එකක් සාදාගන්න.ස්ක්‍රබ් කල පසු ආලේප කරන්න.


4)ෆේස් පැක්

*තම්බාගත් අර්තාපල් ගෙඩි එකකට ,මී කිරි හෝ යෝගට් මේස හැන්දක්,මී පැණි තේ හැන්දක්,දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කර විනාඩි 30කින් සෝදා හරින්න. මේ සත්කාරය සතියකට දින 3ක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

* අර්තාපල් ගෙඩි භාගයක් තම්බාගන්න අනෙක් භාගය බ්ලෙන්ඩර් කර රෝස වතුර එක් කර ගන්න.එයට කස්තුරි කහ සුදු හදුන් කුඩු මේස හැන්ද බැගින් ගෙන එයටම තම්බාගත් අල භාගය දමා මිශ්‍ර කර ගන්න මේ මිශ්‍රණය  පැය භාගයක් තබා සෝදා හරින්න.

ලප කැලැල් මකා දමා කුරුලෑ පාලනය කර සම පැහැපත් කිරීමට-

  • කෝමාරිකා මද තේ හැදි 2
  • සුදු හදුන් තේ හැදි 1
  • දෙහියුෂ තේ හැදි 1
  • මිශ්‍ර කර ආලේප කර විනාඩි 30කින් සෝදා හරින්න

අමතර සත්කාර

සුදු හදුන් ඇල්දියෙන් ගලගා සමේ ආලේප කර විනාඩි 30 කින් සෝදා හරින්න

කොකුම් පොතු,වැල්මී,වදකහ,ඇල්දියෙන් මිශ්‍ර කර සමේ ආලේප කර විනාඩි 30කින් සෝදා හරින්න.

අමුකහ,කොහොඹ කොල මිශ්‍ර කර අඹරා මුහුණේ ආලේප කර ව්නාඩ් 30කින් සෝදා හරින්න.

බාහිරෙන් සම අලංකාර කරගන්නවා පැහැපත් කරගන්නවා වගේම,සමට අභ්‍යන්තර පෝෂණයත් එකවගේම ලබාදෙන්න ඕනේ.
මේ කරුණුත් ලස්සන වෙන්න ඉතාම වැදගත්

දිනකට පිරිසිදු ජලය වීදුරු 8ක් වත් අවම පානය කරන්න.

කෘතීම,පැණිරස,ක්ෂනික,හා තෙල් සහිත ආහාරපාන අවම කරන්න.

ජලය වැඩි ප්‍රමාණයක් අඩංගු එලවළු හා පලතුරු නිතර ආහාරයට ගන්න.(උදා-කොමඩු,දොඩම්,දෙහි,තක්කාලි,පිපිඤ්ඤා)

රතු,කහ ස්වාභාවික වර්ණක අඩංගු එලවලු පලතුරු නිතර ආහාරයට එක්කර ගන්න.

බිත්තර ,මුහුදු මාළු,ධාන්‍ය වර්ග නිතර ආහාරයට එක්කර ගන්න.(සමේ කොළැජන් ප්‍රතිශතය වැඩි කරයි.)

හැකි සෑම විටම ව්වේකි සැහැල්ලු මනසක් පවත්වාගන්න

නිතර ව්‍යායාම කරන්න

දිනකට අවම පැය 6-8 සුව නින්දක් ලබා ගන්න.

නිතර ජලය ස්නානය කර සම පිරිසිදුව තබා ගන්න හිරු එලියට සම නිරාවරනය කිරීමට පෙර හොද තත්වයේ හිරු ආරක්ෂකයක් (sunscreen)ආලේප කරන්න.

මේ රූ රහස් ටික ඔයාගේ රූ සපුව අලංකාර කරන්න උදව්වක් වේවි කියලා විශවාස කරනවා

Categories
ads
Blog
Lately commented