මෙලිඩියෝසිස් හෙවත් පාංශූ උණ ගැන ඔබ දැනුවත්ද?
මේ දිනවල අවධානය වැඩිපුර දිනාගත් ප්‍රවෘත්තියක් වූයේ melidiosis හෙවත් පාංශු උණ නැමති රෝගී තත්වයක් මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවයි
රෝග ලක්ෂන
* බර අඩුවීම
* බඩ හෝ පපුවේ වේදනාව
* මාංශ පේශි හෝ සන්ධි වේදනාව
* හිසරදය
* ස්නායු ආසාදන හා ගැස්ම
සාමාන්‍යයෙන් ඝර්ම කලාපීය රටවල බහුලව දක්නට ලැබෙන පාංශු උණ රෝගී තත්වය මෙතෙක් ශ්‍රී ලංකාවේ සුලභව දක්නට ලැබුනු රෝගයක් නොවේ නමුත්පසුගිය වසර කිහිපයකම කරන ලද විද්‍යාත්මක අධ්‍යයන වලින් අනාවරණය වූයේ පසුගිය වසර කිහිපය පුරාම වසරින් වසර වාර්ථා වූ රෝගීන් ගනන ඉහල ගොස් ඇති බවයි ගංවතුර වැනි පරිසර සාධක මෙයට හේතු වී ඇති වී ඇති බව අනුමාන කල හැකියි. පාංශු උණ නැතහොත් මෙලිඩෝසිස් රෝගී තත්වය හදුනාගැනීමට රුධිර සාම්පල හෝ පටක සාම්පල වලින් ක්ෂුද්‍ර ජීව රසායනාගාර වලදී රෝගකාරක බැක්ටීරියාව හඳුනා ගැනීම මගින් රෝගය තහවුරු කර ගනී.මෙතෙක් බහුලව වාර්ථා නොවූ රෝගයක් නිසාත්, මීට සමාන රෝග ලක්ෂණ සහිත රෝග වලින් වෙන්කර ගැනීමේ අපහසු නිසත්, මෙම බැක්ටීරියාව වෙනත් රෝගකාරක නොවන බැක්ටීරියා අතරින්, වැදගත් රෝගකාරකයක් ලෙස නිවැරදිව හඳුනා ගැනීමේ අපහසුතා නිසාත්, මෙතෙක් රෝග කාරකය පහසුවෙන් හඳුනාගත හැකි PCR ,ඇන්ටිජන් පරීක්ෂාව වැනි හඳුනා ගැනීමේ පරීක්ෂණ බහුලව භාවිත නොවීම නිසාත්, රෝග කාරකය නිවැරදිව හඳුනාගැනීම අපහසු වී ඇත
මෙලිඩියෝසිස් හෙවත් පාංශු උණට හේතු වන රෝගකාරකයා වනුයේ Burkholderia pseudomallei නම් බැක්ටීරියාවයි.මෙම බැක්ටීරියාව ඝර්ම කලාපීය රටවල පස ආශ්‍රිතව ජීවත් වේ.මෙම බැක්‍ටීරියාව අසීරු පරිසර තත්ව වල ජීවත් වීමට හැඩගැසී ඇති අතර සාමාන්‍ය ප්‍රතිපූතික වලට ඉහල ප්‍රතිරෝධයක් දක්වයි.
ජලය හා පස ආශ්‍රිතව ජීවත් වන මෙම රෝගකාරකය ආශ්වාසයෙන් මෙන්ම සම හරහා මිනිසුන්ගේ හා සතුන්ගේ ශරීර තුලට ඇතුළු වේ. මෙය සම හරහා ඇතුළු වන මී උණ (leptospira) සමග ආසාදනය සාදන ආකාරයේ යම් සමානතාවක් දැක්වූවද පාංශු උණ රෝග ලක්ෂණ වලින් මී උණට වඩා වෙනස්ය. බොහෝ ශරීර පටක වල.වර්ධනය වීමට හැකියාව දක්වන් Berkholderia psudomallei,අස්ථි පටක ආසාධන මෙන්ම, මාරාන්තික නිව්මෝනියාව රුධිරගත බැක්ටීරියා ආසාධන ඇතිකිරීමටත් සමත්ය.
පර්යේෂණ වලින් අනාවරණය වී ඇති අන්දමට ශ්‍රී ලංකාව තුල කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් ( 72%) අතර melidosis රෝගය බහුලව වාර්ථා වී තිබෙන අතර ඔවුන්ගේ මධ්‍යයන වයස අවුරුදු 41-50 අතර වේ වාර්ථා වී ඇති රෝගීන්ගෙන් බහුතරයක් කුමන් හෝ නිධන්ගත රෝගයකින් පෙලී ඇති බව තහවුරු වී ඇති අතර(73%) එයින් වැඩි පිරිසක් දියවැඩියාවෙන් පෙළුනු බවට අනාවරනය වී තිබෙනවා (63%)
වාර්ථා වී ඇති රෝගීන්ගෙන් 78% පමණ වාර්ථා වී ඇත්තේ ග්‍රාමීය පරිසරයෙන් මොවුන්ගෙන් බොහෝ පිරිසක් පාවහන් නොපැලැඳ ගොවිතැනේ යෙදී ඇති බව තහවුරු වී තිබෙනවා. රටින් රටට වෙනස් අගයක් ගන්නා පාංශු උණ හේතුවෙන් සිදුවන මරණ අනුපාතිකය ශ්‍රී ලංකාව තුල 20.4% පමණ ඉහල අගයක් ගැනීම මේ ගැන අවධානය වැඩියෙන් යොමු කිරීමට අවශ්‍ය වන ප්‍රධානම හේතුවක්