රත්තරන් වටින වාහනේ තෙල් ට්ක බේරගන්නේ කොහොමද?

How to save fuel in the vehicle ( Part 1 )

Blog
21. Sep 2021
448 views
රත්තරන් වටින වාහනේ තෙල් ට්ක බේරගන්නේ කොහොමද?

පෝලිමේ ඉදලා අමාරුවෙන් වාහනේට ගහ ගත්ත තෙල් ටික පරිස්සම් කරගමු...!!!
මේ උපදෙස් ටික පිලිපැද්දොත්  කවදාවත් වරදින්නේ නෑ

වාහන වල ඉන්ධන කාර්‍යක්ෂමතාවය තව විදියකට කියනවා නම් තෙල් ලීටරයකට දුවන්න පුළුවන් උපරිම දුර අඩුවෙන්න අපේ හිතේ තියෙන මිත්‍යා විස්වාශ ගොඩාක් බලපානවා කියලා මට හිතෙනවා අපි ඒ මොනවාද කියලා බලමු

  • "හෙමින් යනකොට තෙල් පිච්චෙනවා අඩුයි වේගෙන් යනකොට තෙල් පිච්චෙනවා" 
    ගොඩක් අය මේක ඇත්තක් කියලා හිතන්  ඉන්නවා රේස් කරලා ලෑල්ලට පාගලා යනකොට තෙල් වැඩියෙන් පිච්චෙන එක ඇත්ත ඒත් හෙමින් ගාටනකොට තෙල් පිච්චෙනවා අඩුයි කියන එක ඇත්ත නෙවෙයි හොයාගෙන තියෙන විදියට හොදටම තෙල් වැඩකරන්නේ අඩු RPM එකක ලොකු ගියර් එකක ඉහල මධ්‍යම වේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට මේ වේගේ වාහනෙන් වාහනේට වෙනස් ඒත් ලංකාවෙ සාමාන්‍යයෙන් තියෙන 1000-1500CC කාර් එකකට නම් මේක 60-70Kmph වේගයක්.
  • "AC දාගෙන යනකොට තෙල් පිච්චෙනවා වැඩියි AC off කරන් යන්න."
    බැලූ බැල්මට මේකත් ඇත්ත වගේ  AC compressor එක කරකවන්න එන්ජිම අමතර බලයක් යොදන්න ඕනේ එතකොට වැඩියෙන් තෙල් පිච්චෙනවා කියලා අහන්න දෙයක් නෑ ඒත් ශ්‍රී ලංකාව වගේ ඝර්ම කලාපීය රටක AC off කරපු ගමන් ජනෙල් වීදුරු අරින්න වෙනවා එතකොට ලොකු වායු ප්‍රතිරෝධයක් තව විදියකට කියනවා නම් ඉස්සරහාට යන්න ලොකු බාදාවක් එනවා එතකොට ආයෙත් එන්ජිමට වැඩියෙන් වැඩ කරන්න වෙනවා තෙල් වැඩියෙන් පිච්චෙනවා ඒක නිසා AC service කරලා  thermostat හොදට වැඩ කරන තත්වෙන් තියාගන්න පුලුවන් නම් වීදුරුත් වහලා AC එක full දාන්න  වාහනේ හොදට cool උනාම ටික වේලාවක් AC off කරන්න වීදුරු ඇරගෙන යන්න නම් හිතන්නවත් එපා.
  • ට්‍රැපික් ලයිට් එකකදී වගේ වාහනේ අනිවාර්‍යයෙන් නවත්තන්න වෙනවා පෙනි පෙනී ඇරලා ගිහින් ට්‍රැපික් ලයිට් එක ගාව බ්‍රේක් කරන්න එපා
     මේකෙන් ලොකු ශක්ති හානියක් වෙන්නේ තෙල් අපරාදේ ,ඈතදීම වාහනේ slow කර ගන්න බ්‍රේක් කරන්නත් එපා නිදහසේ වාහනේට ඉස්සරහට යන්න දෙන්න ඇක්ස්ලරේටරෙනුත් කකුල ගන්න ට්‍රැපික් ලයිට් එක කොලපාට වැටෙනකන්ම වාහනේ නවත්තගන්නැතුව හෙමීට ගමනේ තියාගත්තොත් ඔයාගෙත් තෙල් වලත් වාසනාව.
  • මේ කතාව නොර්මල් city traffic එකටත් අදාලයි ඒත් ,practically කරන්න පුලුවන් හැකියාව සීමා සහිතයි.
    රෝදවල හුලං හැම වෙලාවෙම හොදට චෙක් කරන්න නියම පීඩනයේ හුලං තියෙන්න ඕනේ පුලුවන්නම් Nitrogen විතරක්  ගහන්න හුලං ටිකක් අඩු උනාට අපි ගනන් ගන්නේ නැති උනාට මේකෙන් පාරයි ටයරයයි අතර ඝර්ශනය ගොඩාක් වැඩි කරනවා මේ වැඩේ හිතනවාට වඩා  ගොඩාක් තෙල් බොනවා
    පෙට්‍රල් ඩීසල් බිංදුවත් රත්තරන් වටින කාලේ මේ තොරතුරු ඔයාට  ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා