ඔයාටත් හීනයක් තියෙනවද පිටරටකට පදිංචියට යන්න???

ඇත්තටම විදේශගත වෙන එක ඔක්කොම ප්‍රශ්න වලට විසදුමක්ද? ඒකේ වාසි මිසක් අවාසියක් නැද්ද ? අපි මේවා ගැන ගැඹුරින් කතා කරලා බලමු

Blog
26. May 2023
262 views
ඔයාටත් හීනයක් තියෙනවද පිටරටකට පදිංචියට  යන්න???

හරියටම දැනගෙන රට යමු

ඔයාටත් හීනයක් තියෙනවද පිටරටකට පදිංචියට  යන්න???

මේ දවස් වල ලංකාවේ පවතින අස්ථාවර සමාජ ආර්ථික දේශපාලන පරිසරය නිසාත් දිනෙන් දින ඉහල යන ජීවන වියදම,ආදායම් මාර්ග හා සිහින බිදවැටුනු මිනිසුන් තමන්ටත් වඩා තම දරුවන්ගේ අනාගතය සුරක්ශිත නෑ කියලා හිතන එකේ ලොකු වැරැදක් නෑ.මේ නිසා  කවදාවත් ලංකාවෙන් යන්න අදහසක් වත් තිබුනෙ නැති අයත් පිටරටක පදිංචියට යන්න අදහස් කරනවා සරලව ගත්තොත් මිනිස්සුන්ගේ අදහස් විමසලා බැලුවොත් 9/10ක්ම කියන්නේ ලංකාවෙන් යන්න තියෙනවා නම් හොදයි කියනවාද්ද්

ඇත්තටම හරියටම විදේශගත වෙන්න කලින් තොරතුරු හරියටම දැනගෙන ඒක කරන එක තමයි හොද හැම දෙයක්ම හරියට කරන්න විදිහක් තියෙනවා ඉස්සර කලා වගේ බෝට්ටුවක නැගලා නම් මේ ගමන යන්න බෑ

ඇත්තටම විදේශගත වෙන එක ඔක්කොම ප්‍රශ්න වලට විසදුමක්ද? ඒකේ වාසි මිසක් අවාසියක් නැද්ද ? අපි මේවා ගැන ගැඹුරින් කතා කරලා බලමු

සාමන්‍යයෙන් බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාව,නවසිලන්තය ,ඇමෙරිකාව.කැනඩාව,බ්‍රිතාන්‍යය හෝ සෙනගන්  /යුරෝපියානු රටවල්  අතරින් එකක් තමයි සාමාන්‍යයෙන් තමන්ගේ ගමනාන්තය විදිහට  තෝරගන්නේ .මේකට විශේෂ හේතුවක් තිබෙනවාද?

මේ රටවල් වල ආදායම් මට්ටම ජීවන වියදම දේශගුණය එකිනෙකට වෙනස් ඒත් මේවායේ පොදු ලක්ෂන කීපයක් තියෙනවා ඒ තමයි අධ්‍යාපන,ආහාර ,නිවාස,සෞඛ්‍ය,ප්‍රවාහන වගේ ක්ෂේත්‍ර වල තියෙන කැපී පෙනෙන දියුණුව

මේ රටවල කරන රැකියාවෙන් බලපෑමෙන් තොරව වියදමට සාපේක්ෂව ආදායම් වැඩියි ඉස්තරම් පොදු ප්‍රවාහනයක් තියෙන්නේ දුප්පත් පෝසත් බේදයක් නැතුව  ෆුට් බෝඩ් වල එල්ලෙන්නෙ නැතුව වහලෙ  නගින් නැතුව තව මනුස්සයෙක්ගේ කරේ යන්නැතුව  ඉයර් ෆෝන් එකෙන් සිංදුවක් අහගෙන පොතක් කියව කියව සැපට ගමන් බිමන් යන්න පුළුවන් 

ඒ වගේම

ආහාර වල වස විස කලවම් කරන්නේ නෑ 

හොද නිවාස පහසුකම් තියෙනවා 

ඉහල සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් තියෙනවා විශේෂයෙන් අධ්‍යාපනයේ තරගකාරීත්වයක් නෑ හොද ඉස්කෝලයකට යන්න පහේ ශිෂ්‍යත්වේ පාස් වෙන්න ඕනේ නෑ හොද ඉස්කෝලයක් කියලා අදහසක් එන්නේ නරක ඉස්කෝලයක් තිබ්බොත් විතරයි මේවයේ නරක ඉස්කෝල කියලා ජාතියක්වත් සුපිරි ඉස්කෝල කියලා ජාතියක්වත් නෑ හැම පාසලකටම සමාන ඉහල පහසුකම් තියෙනවා ඒ නිසා දරුවන් ලගම පාසල් වලට පයින් යනවා අපි අහවල් xxකියන්/ලියන් කෙනෙක් කියලා මෙහේ වගේ ආඩම්බරෙන් කියන්නෙත් නෑ .ඉගෙනීමෙ හැකියාව කියන්නේ අපිට වගේ මතක තියා ගැනීමේ හැකියාවවත්  නෙවෙයි.අනෙකාට කපාගෙන ඉහලට යාම පාසල් වලින් පුරුදු කරන්නෙත් නෑ.

 මැතිවරණයෙන් මැතිවරණයට ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නෑ ඒ ප්‍රතිපත්ති හදන්නෙ අදාල ක්ශේත්‍රයේ ප්‍රවීණයෝ මිසක් හොරු කුඩු /අරක්කු මුදලාලිලා, වෘත්තීය සමිති නායකයෝ පූජකයෝ එකතු වෙලා නෙවෙයි.

 මාර්ගගත ක්‍රමයට බොහෝ සේවා ලබා ගන්න පුළුවන් අපේ වගේ රාජ්‍ය ආයතන ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ.

පිරිසිදු කරන්නෙක් විදිහට රැකියාව කලත් හොදට කාල ඇදලා සතුටින් ඉන්න පුලුවන් විතරක් නෙවෙයි  අපේ රටවල වගේ රැකියාවේ තත්වය නිසා වෙන අවතක්සේරුකම් කෙනෙහිලිකම් සිද්දවෙන්නේ නෑ.

එක්සෙකටිව් ලෙවල් එකේ රස්සාවක් කලත් කාටවත් සර් මැඩම් කියන්න වෙන්නෙත් නෑ.

 පින්ලන්තය ,නෝර්වේ, ඩෙන්මාර්කය ඇතුළු සෙනගන්  ස්කැන්ඩිනේවියානු රටවල ලෝකයේ සතුටින්ම ඉන්න මිනිසුන් සිටීම පුදුමයක් නෙවෙයි.

 

එතකොට මේවාට ගියාම  කකා බිබී නිකං ඉන්න පුළුවන්ද? බෑ......

 

ඇත්‍තටම නෑ හැම දේකම දෙපැත්තක් තියෙනවා මෙහේ ඉදලා ගිය හැමෝම සතුටින් සැපෙන් ඉන්නවා කියලා පෙන්නුවාට මේ අතුරු කථා කියන්නේ නෑ.

ඔයා ලොකු මුදල් සංචිතයක් නැතුව Student visa අරන් පාට් ටයිම් ජොබ් කරලා දියුණු රටක ස්ථීර පදිංචිය ලබා ගන්න හිතාගෙන නම් ඉන්නේ මෙවැනි රටවල් වල ස්ථාවරයක් හදාගන්නකන් බුදු කට්ටක් කන්න හිත හදාගෙන යන්න වෙනවා පාට් ටයිම් ජොබ් 4-5 කරන්න වෙනවා living cost එක වැඩි හින්දා. අවුරුදු ගානක් බලන් ඉන්න වෙනවා.,ස්ථීර පදිංචිය (PR) ඉල්ලුම් කරන්න.ඒත් මේ කට්ට කාගෙන මේ කාලෙ පහු කරගත්තොත් ගොඩම තමයි. මේකට ඕනේ ලොකු ශරීර ශක්තියක් නෙවෙයි නොපසුබසිනා උත්සාහයෙන් යුත් ලොකු මානසික ශක්තියක්.කෙලින්ම PR අරන් යන අයට මේ පීඩනය නැති තරම් නැත්තම් මෙහේ ඉදලා ඩොලර්  /යූරෝ පොම්ප කරන්න මාර්ගයක් තියෙන්නෙ ඕනේ.

මෙහේ වගේ නිකං ඉදලා අයිස් ගහන්න නම් මේ රටවල් වල බෑ ඔයා රැකියාවේ තත්වය සමාජ තත්වව කුල මානය ඔලුවෙ තියන් නම් ඉන්නේ ඔයාට මේ ගමන හරියන්නේ නෑ.

 ඔයා ගන්න වැටුපට වඩා ඔයාට වැඩ කරන්න වෙනවා බොහෝ තැන් වල රැකියාව පටන් ගන්න කලින් ඔයාගේ ජංගම දුරකථනය විසන්ධි කරලා එලියෙන් තියන්නත් වෙනවා ඒ කියන්නේ මරවලා වැඩ ගන්නවා කියන එක නෙවෙයි ත් ලංකාවේ කවුරුවත් නොකරන ඒත් කලයුතු, ගන්න වැටුපට කාලයට සාධාරණයක් කරන්න ඔයාට වෙනවා.

සීනියර් උනා කියලා ජූනියර්ස්ලට කියලා වැඩ ටික කරගෙන පුටුවකට වෙලා ෆෝන් එක ඔබ ඔබා ඉන්න නම් බැරි වෙනවා.

රැකියාවේ ඉහලට යනකොට වැටුප වගේම වගකීම හා වැඩත් වැඩි වෙනවා.

සංස්කෘතිය සභ්‍යත්වය ගැන ඉහල වටිනාකමක් දෙන කෙනෙක් නම් කුඩා වයසේ දරුවන් හෝ මේ රටවල දරුවන් බිහිකිරීමේ අදහසින් මේ රටවල පදිංචි වෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා මේවායේ සභ්‍යත්වය ,මානව සබඳතා, ලිංගිකත්වය ගැන තියෙන්නේ මෙහෙට වඩා ගොඩක් වෙනස් පරිසරයක් ඉතින් කුඩා දරුවන්  ජීවත් වන පරිසරය අනුව හැඩගැසීම ස්වාභාවිකවම සිදුවන  දෙයක් 

සතුට කියන්නේ සාපේක්ෂ දෙයක් කෙනෙකුට සතුටක් වෙන දෙයක් තව කෙනෙකුට දුකක් වෙන්නත් ඉඩ තියෙනවා

කුමක් හෝ හේතුවක් නිසා තවමත් මේ රට අතහැර නොයන අය දුකින් ඉන්නවා කියලා උපකල්පනය කරන්න අයිතියක් අපට නෑ බටහිර රටක ඉහල ජීවන තත්වයෙන් යුත් හුදකලා ජීවිතයට වඩා යාළු හිතමිත්‍රයින් වටකරගෙන් මෙහේ ගෙවන සංස්කෘතික ජීවිතය සැපක් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන් ආර්ථිකය සම්බන්ධයෙන් හිතලා බැළුවත් කරදිය වලල්ලෙන් පිටට පැන්නා කියලා අටලෝ දහම වෙනස් කරන්න බෑ කියලා කෙනෙක් කිව්වොත් ඒකත් බොරුවක් නෙවෙයි

 

දියුණු රටවල්වලට ඇතුළු වෙන්න ක්‍රම ගනනාවක් තියෙනවා ඒවායින් කිහිපයක් ගැන කතා කරමු.

 

  1. Education Visa
  2. අධ්‍යාපන වීසා
  3. පූරණ කාළීන හෝ අර්ධ කාලීන

 

a)සම්පූරණ මුදල් ගෙවා ලබා ගතයුතු අධ්‍යාපනය

b) අර්ධ ශිෂ්‍යත්ව

c) පූර්ණ ශිෂ්‍යත්ව

 

Skill Migration Visa  ( නිපුනතා සංක්‍රමණ වීසා )

මේවා ගැන විස්තර සහිතව ඊලග ලිපියෙන්  කථා කර්මු විශේෂයෙන්ම පූර්ණ ශිෂ්‍යත්ව අවස්ථා බොහෝ ශ්‍රී ලාංකිකයන් මගහැර ගන්නේ ඒවා ගැන අවධානයෙන් නොසිටීම සහ ඒවා ලබාගන්නා පුද්ගලයන්ගෙන් එම ආයතන බලාපොරොත්තු වන skill සෙට් එක දියුණු කර ගන්නේ නැති නිසා