මාරාන්තික මන්කිපොක්ස් වයිරස රෝගියකු ඉන්දියාවෙනුත් වාර්තා වෙලා කොරෝනා තරම් වේගයෙන් ව්‍යාප්ත නොවුනත් භයානක කමෙන් නම් කිසිම අඩුවක් නෑ අපිට ගොඩාක් අවධානයෙන් ඉන්න වෙනවා
රටවල් 75ක් ආශ්‍රිතව මන්කිපොක්ස් වයිරස ආසාදිතයින් 16000 කට අධික සංඛ්‍යාවක් වාර්ථා වීම නිසා මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ.!
මොකක්ද මේ වදුරු උණ?
මේක වදුරන් මගින් මිනිසුන්ට වැලදුන වෛරස රෝගී තත්වයක්
රෝගයේ ඉතිහාසය
1958 කෝපන්හේගන් වල වදුරු ගහනයක් ආශ්‍රිතව තමා මුලින්ම හොයාගෙන තියෙන්නේ
මේක ගොඩක් භයානකද?
මේක කොවිඩ් වෛරසය තරම් වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ නෑ මරණ අනුපාතයත් 3-6% විතර ඒත් මේක 10% විතර වෙන්න පුළුවන් කියලා අනතුරු අගවලා තියෙනවා
එහෙනම් ඇයි ලෝක හදිසි තත්වයක්
යුරෝපය,ඉන්දියාව අප්‍රිකානු රටවල් 10ක් ඇතුලුව රටවල් 75 පමණ රෝගීන් 16000 ක් හා මරණ 5ක් වාර්ථා වෙලා තියෙනවා
රෝග ලක්ෂණ මොනවාද?
මීට අමතරව
රෝග කාරකයා කවුද?
වසූරිය රෝග කාන්ඩයට අයත් වසූරියට සමාන monkeypox වෛරසය වෙරියෝලා වෛරස කාන්ඩයට අයත් ඒත් වසූරිය වගේ ලෝක මට්ට්මේ විනාශයක් කරන්න තරම් ප්‍රභල නෑ
බෝ වන්නේ කෙසේද?
රෝගියකුගේ තුවාල සහිත සමෙන්, ශ්වසනයෙන්, අක්ෂිවලින්, නාසයෙන් හෝ මුඛයෙන් හෝ වැගිරෙන ශ්‍රාවයන් හරහා වෛරසය සම්ප්‍රේෂණය වන බව හෙළිවී තිබේ.ආසාදිත තත්ත්වයට පත් වඳුරන්, මීයන් සහ ලේනුන්ගෙන් වෛරසය ඍජුවම ශරීරගත වන්නද ඉඩක් ඇත.ආසාදිතයකු පරිහරණය කල භාණ්ඩ – ස්පර්ශ කිරීම නිසා බෝවිය හැකියි ස්පර්ෂය මගින් මෙන්ම දාඩිය සහ කෙල බිඳු මගින් ද වෛරසය පැතිර යා හැකියි.
️එන්නත් හෝ ඖෂධයක් තිබේද ?
වෙනත් වෛරස වලට වගේම රෝගය කෙලින්ම මඩින්න ඖෂධයක් නෑ. වසූරියට ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත මන්කිපොක්ස් රෝගය සඳහාත් 85%කින් පමණ ඵලදායි ලෙස ක්‍රියාත්මක වියහැකි බව විද්‍යාඥයින් පවසති.
දැනට ලොව පුරා මිනිස් සංහාරයක් සිදු කිරීමට තරම් මෙම වෛරසය ප්‍රබල නොවුවත් මෙවැනි සක්‍රීයත්වය ට පත්වන වෛරස වර්ග ඉතා වේගයෙන් රසායනිකව වෙනස් වෙමින් ව්‍යාප්ත වීමට ඉඩ ඇති වකවානුවක අප ජීවත්වන බව විද්‍යාඥයෝ අනතුරු අඟවනවා