පිරමීඩ ගනුදෙනු වල ඉතිහාසය
ශ්‍රී ලාංකිකයන්ට වසර 20කට වඩා අඩු කාලයක අත්දැකීම් තිබුනද පිරමිඩාකාර ව්‍යාපෘති වලට වසර සිය ගනනක ඉතිහාසයක් තිබේ. මෙහි වාර්තා වන මූලාරම්භය ජර්මන් ජාතික Adele Spitzeder විසින් 1869 සිට 1872 දක්වා කාලය තුල ජර්මනිය තුල ක්‍රියාත්මක කල බවත්, Sarah Howe විසින් 'කාන්තා ඉතිරි කිරීමේ වැඩසටහන' නමින් පිරමිඩාකාර ව්‍යාපෘතියක් ඇමෙරිකාව තුල 1880 ගනන් වල ක්‍රියාත්මක කල බවත් ඉතිහාසයේ සනිටුහන් වී ඇත. කෙසේ නමුත් පිරමිඩාකාර මෙවැනි ගනුදෙනු නීති විරෝධී බව හෝ ආර්ථික පරිහානික බව පැහැදිලි හඳුනා ගැනීමක් මේ කාලය වන විට සිදුවී නොමැත.
1920 දශකයේ ඉතාලි ජාතික Charles Ponzi ඇමෙරිකාව තුල මහා පරිමාණ පිරමිඩාකාර ගනුදෙනු රැල්ලක් ඇති කිරීම කෙටි කාලයක් ඇතුලත ආයෝජන මුදලෙන් 50% නැවත ගෙවූ මෙම ආකර්ෂණීය වැඩසටහන පිරමිඩාකාර ගනුදෙනු ඉතිහාසයේ සන්ධිස්ථානයකි.අති විශාල මුදල් කන්දරාවක් මීට යොමුවීම මෙහි බිඳ වැටීමට ලැබෙන මාධ්‍ය ප්‍රචාරය මෙවැනි ගනුදෙනු වලට ponzi schemes යන නම ලැබීමටත් මේවා තහනම් හා නීති විරෝධී බවට පත් වීමටත් දඬුවම් ලබා දීමටත් හේතු සාධක විය.
ශ්‍රී ලාංකිකයන් පිරමීඩ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් යොමු වීමට හේතු කාරණා වන සමාජ ආර්ථික වටපිටාවක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. මීට වසර 15කට පමන පෙර ශ්‍රීලංකාවේ පිරමිඩාකාර ගනුදෙනු රැල්ලක් ඇති වුවද කාලයත් සමග ඒවා ක්‍රමයෙන් යටපත් විය නමුත් වර්ථමානයේ පවතින අස්ථාවර ආර්ථික වටපිටාව හා වියදමට සාපේක්ෂව ආදායම ඉහල නොයාම හා උද්ධමනය තනි ඉලක්කමකට අඩුවී ඇති බව රජයේ සංඛ්‍යාලේඛන ප්‍රකාශ කර සිටියද, ජීවත් වන මහපොලවේ උද්ධමනය දරාගත නොහැකි තරම් ඉහල වීම මෙම ගනුදෙනු රැල්ලක් ඇතිකිරීමට අවශ්‍ය පාරිසරික සාධක ඇතිකරදී තිබෙනවා බොහෝ පුද්ගලයන් මවාදෙන ලද සුරංගනා ලෝක වලට රැවටී ක්ෂණික ධනවතුන් වීමේ අරමුණු ඇතිව මේවා වල මුදල් ආයෝජනය කරන බවත් ඉන් වැඩිම ප්‍රතිශතයක් ආයෝජනය කල මුදල පවා අහිමිව රැවටීමට ලක්වන බවත් හෙලිවී තිබෙනවා.
මේ වෙනුවෙන්ම කල සමීක්ෂණයක සංඛ්‍යාලේඛන අනුව මේවාට බොහෝ යොමුව ඇත්තේ ස්ථීර වැටුප් ලබන රජයේ හෝ පෞද්ගලික ක්ශේත්‍රයේ රැකියා වල නියුතු කලකට පෙර සමාජයේ ඉහල මධ්‍යම පාන්තිකයන්ව සිට ඉහල උද්ධමනය නිසා පහල මධ්‍යම පන්තිය දක්වා පහල වැටීමට සිදුවූ පුද්ගලයන් බවයි තවත් විශේෂත්වයක් වන්නේ මීට වසර 10-15 පෙර බොහෝවිට පුරුෂ පාර්ශ්වය මෙවැනි අවධානම් ගනුදෙනු වලට යොමුවූවද වර්තමානයේ බොහෝ කාන්තාවන් මෙවැනි පිරමිඩාකාර ව්‍යාපෘති හා ව්‍යාපාර වලට යොමුව ඇති බවයි
ඇත්තටම පිරමිඩාකාර ආයෝජනයක් හදුනා ගන්නේ කෙසේද ?
බොහෝ පිරිසක් මේ අයෝජන වලට යොමුවන්නේ පිරමිඩාකාර ආයෝජන බව දැනුවත්ව වුවද සුළු පිරිසක් මේවා පිරමිඩාකාර ආයෝජන බව නොදැන ආයෝජනය කරන බවක් හෙලිවී තිබෙනවා මෙයට ප්‍රධාන හේතු ලෙස සත්‍යය ලෙස පෙනෙන ව්‍යාජ බැංකු ගිණුම්, ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ඒකක,ව්‍යාජ කොටස් වෙලඳපල ගනුදෙනු හා විදේශගත ලිපිනයන්හි ලියාපදිංචි වී ඇති පිලිගත් සමාගම් ලෙස පෙනී සිටීම play store /apple app වැනි විසිතුරු ඇසුරුම් කඩදාසි වලින් මේවායේ පිරමීඩ හැඩය ආවරණය කරන්නට නිරමාණකරුවන් දක්ෂ වීම හේතු වී තිබෙනවා
නමුත් කොතරම් විදේශ සමාගම් ලෙස පෙන්නුම් කලද මේවායින් සියල්ලම පාහේ ශ්‍රී ලාංකිකයන් විසින් ව්‍යාජව සැලසුම් කල ප්‍රාථමික ව්‍යාපෘති වන අතර මේවා බොහෝමයක් සතු වන්නේ ඉතා ප්‍රාථමික හා නොදියුණු පරිඝණක වැඩසටහන් බව ඉතා අඩු පරිඝණක දැනුමක් ඇති අයකුට පවා අවබෝධ කරගත හැකිය .
පිරමිඩාකාර ව්‍යාපෘති වල ඉතා සිත්ගන්නා සුළු ලක්ෂණ ගනනාවක් තිබේ බොහෝ පිරිසක් (සමහර විට අවධානම ගැන දැන දැනම) මේවාට යොමු වීමට මෙම ලක්ෂණ හේතු සාධක ඇතිකරදී තිබේ (ඇතැම් ව්‍යාපෘති වල මේ ලක්ෂණ කිහිපයක් පමණක් තිබිය හැක)
මේ සිත්ගන්නා සුළු ප්‍රතිලාභ අසන හා සැබැවින්ම අත්දකින, පුද්ගලයන් අතිශයින් උද්දාමයට පත්වේ තමන්ගේ ලගම මිතුරන් පවුලේ සාමාජිකයින් විශාල ගනනක් මෙයට සම්බන්ධ කරගන්නේ තමන් මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය යහපත් කිරීමෙ පරම පවිත්‍ර චේතනාව මෙන්ම referral code හරහා තමන්ට ලැබෙන විශාල ලාභය ගැන සිතුවිලි ඇතිවය.
ඒත් ජීවිත එතරම්ම සුන්දරද????
පෙනෙන තරම් මේ ක්‍රියාවලිය සරල නොවේ පිරමීඩ හැඩයන්ගෙන් හා සැකැස්මෙන් ඉතා සංකීර්ණ වන අතර පිරමීඩ සැකස්මේ එක් මට්ටම සාමාජික සංඛ්‍යාව සැකැස්ම අනුව විවිධ වේ ඇතැම් පිරමීඩ වල සැකැස්ම පිලිබද නිර්මාපකයන්ටද නිවැරදි අවබෝධයක් නොමැත.
කෙසේ වෙතත් කොතරම් උත්සහා කලද පිරමීඩයකට සම්බන්ධ කර ගත හැක්කේ ජනගහනයෙන් යම් ප්‍රතිශතයක් පමණි ඔබ පිරමීඩ ගනුදෙනුවකට සම්බන්ධ වන විට එම පිරමිඩය ආරම්භක අවස්ථාව සිට පසුකර ඇති මට්ටම් ගනන පිරමීඩය කොතරම් විශාලදැයි හෝ සංකීර්ණදැයි අදහසක් ලබාගැනීමට කිසිම හැකියාවක් නැත පිරමීඩය ආරම්භක අවස්ථාව නම් ඔබ ලාභ ලැබීමේ යම් හැකියාවක් දරන නමුත් යම්කිසි මටටම් කිහිපයක් පසුකල විට පිර්මීඩ වල ගමන අනිවාර්යයෙන් නවතී එනම් අවසාන අවස්ථාවේ සමබන්ධ වුවහොත් (වැඩි පිරිසකට සිදු වන්නේ මෙයයි) ආයෝජනය කල මුදල පවා නොලැබී යාමට ඉහල සම්භාවිතාවක් පවතී.
පිරමිඩ යෝජනා ක්‍රම හෝ පොන්සි යෝජනා ක්‍රම ආයෝජන හෝ නිෂ්පාදන වලින් නීත්‍යානුකූල ලාභ ලැබීමට වඩා නව සාමාජිකයින් යෝජනා ක්‍රමයට බඳවා ගැනීම මත පදනම්ව පසුව සම්බන්ධ වන්නන්ගේ මුදල් මුලින් සම්බන්ධ වූවන්ට ක්‍රමිකව ඇදී යාමට සැලසුම් කල සහභාගිවන්නන්ට ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වන වංචා සහගත ආයෝජන වංචා වේ:
ආරම්භක ලාභ : කලින් සහභාගිවන්නන්ට ප්‍රතිලාභ ලැබිය හැකි අතර, එමඟින් නීත්‍යානුකූලභාවය පිළිබඳ මිත්‍යාවක් නිර්මාණය කළ හැකි අතර තවත් පුද්ගලයන් එක්වීමට ආකර්ෂණය කර ගත හැකිය.
ඉහළ පොරොන්දු වූ ප්‍රතිලාභ: ඉක්මන් සහ සැලකිය යුතු ලාභයක් ලබා දෙන පොරොන්දුව අවදානම් සම්පූර්ණයෙන් අවබෝධ කර නොගෙන මූල්‍යමය වාසි අපේක්ෂා කරන පුද්ගලයන් පොළඹවා ගත හැකිය.
(වංචනිකයින්ගේ දෘෂ්ටිකෝණයෙන්):
: මූල්‍ය අලාභ : පිරමීඩ යෝජනා ක්‍රම සහ පොන්සි යෝජනා ක්‍රම අවසානයේ බිඳ වැටීමට සැලසුම් කර ඇති බැවින් සහභාගිවන්නන්ගෙන් අතිමහත් බහුතරයකට මුදල් අහිමි වේ, බොහෝ ආයෝජකයින්ට පාඩු සිදු වේ.
නීත්‍යානුකූල ප්‍රතිවිපාක: එවැනි වංචනික ක්‍රියාකාරකම්වල නියැලීම සංවිධායකයින්ට දැඩි නීතිමය දඩුවම් සහ අපරාධ චෝදනා වලට තුඩු දිය හැකිය.
සූරාකෑම: මෙම යෝජනා ක්‍රම බොහෝ විට අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ඉලක්ක කරගනිමින්, මූල්‍ය සුරක්ෂිතභාවය සඳහා ඇති ඔවුන්ගේ ආශාව සහ ආයෝජන උපාය මාර්ග පිළිබඳ ඔවුන්ගේ දැනුම නොමැතිකම ප්‍රයෝජනයට ගනිමිනි.
: විශ්වාසය පළුදු වීම : ගිනිපෙනෙල්ලෙන් බැටකෑ මිනිසා කලාමැදිරි එලියටද බියවන නිසා පසුව ඇතිවන පිරමීඩ නොවන නීත්‍යානුකූල හා වාසිදායක ආයෝජන ව්‍යාපෘති වලට පවා සාමාජිකයින් සම්බන්ධ කර ගැනීම දුෂ්කර කරමින්, ආයෝජන අවස්ථා ගැන රැවටීමට ලක්වූ මිනිසුන් , මූල්‍ය ආයෝජනය කෙරෙහි දරුණු අවිශ්වාසයක් ඇතිකර ගත හැකිය.
: සමාජ ආතතිය: මිතුරන්, පවුලේ අය සහ හිතමිතුරන් බඳවා ගන්නා විට, යෝජනා ක්‍රම බිඳ වැටී පාඩු සිදු වීමේ වැඩි සම්භාවිතාව නිසා සබඳතා පළුදු විය හැකිය.
: ආර්ථිකය විකෘති වීම: පිරමිඩ යෝජනා ක්‍රම ආර්ථික වර්ධනයට බලපාන නිෂ්පාදන ආයෝජන සහ නීත්‍යානුකූල ව්‍යාපාරවලින් සම්පත් හරවා යවයි.
: සම්පත් හායනය: රජයේ සම්පත් වෙනත් ආකාරයකින් වාසිදායක අරමුණු සඳහා භාවිතා කළ හැකි එවැනි යෝජනා ක්‍රම විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට යෙදවීමට සිදුවිය හැක
: සමාජයට බලපෑම: අඩු වූ විශ්වාසය: මූල්‍ය පද්ධති සහ අවස්ථාවන් කෙරෙහි සමාජයේ ඇති විශ්වාසය ඛාදනය විය හැකි අතර, නීත්‍යානුකූල ආයෝජන අවස්ථා කෙරෙහි සැක සංකා ඇති විය හැක.
: සමාජ ප්‍රාග්ධනය අහිමි වීම: පුද්ගලයන් අන්‍යයන් බඳවා ගැනීම, සබඳතා අවුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරන විට සමාජ ජාල බිඳී යා හැක.
අපකීර්තිය: වංචාවන්ගේ ව්‍යාප්තිය ඇතැම් ප්‍රජාවන් හෝ කණ්ඩායම් අපකීර්තියට පත් කළ හැකි අතර, නුසුදුසු සෘණාත්මක සංජානනවලට මග පාදයි.
: ආර්ථිකය මත බලපෑම: අඩු කළ ආයෝජන: ආර්ථික වර්ධනයට සහ නවෝත්පාදනයට බලපාන නීත්‍යානුකූල ආයෝජන මාර්ගවලින් අරමුදල් ඉවතට හරවා යවනු ලැබේ.
: විරැකියාව : අරමුදල් නොමැතිකම හේතුවෙන් ව්‍යාපාර අසාර්ථක වන විට, රැකියා අහිමි වන අතර, ආර්ථික අස්ථාවරත්වයට දායක වේ.
: සම්පත් වැරදි ලෙස වෙන් කිරීම : ආර්ථික කාර්යක්ෂමතාවයට බාධා කරමින් තිරසාර නොවන යෝජනා ක්‍රම සඳහා ප්‍රාග්ධනය වැරදි ලෙස වෙන් කරනු ලැබේ.
මූල්‍ය පද්ධති මත බර: වංචනික ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වීම හේතුවෙන් මූල්‍ය ආයතන කීර්ති නාමයට හානි සිදු විය හැක
පිරමීඩ යෝජනා ක්‍රම සහ පොන්සි යෝජනා ක්‍රම මුලින්ම සිත් ඇදගන්නා සුළු බවක් පෙනෙන්නට තිබුණත්, ඒවායේ ඍණාත්මක ප්‍රතිවිපාක පෙනෙන ප්‍රතිලාභවලට වඩා බෙහෙවින් වැඩි ය. මෙම වංචාවන් පුද්ගලයන්ට සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදු කරනවා පමණක් නොව, විශ්වාසය ඛාදනය කිරීම, සබඳතා අවුල් කිරීම සහ ආර්ථික වර්ධනය විකෘති කිරීම ද සිදු කරයි.
අනතුරු ඇඟවීමේ සලකුණු හඳුනා ගැනීම සඳහා ජනසමාජයේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම එවැනි යෝජනා ක්‍රමවලට ගොදුරු වීමෙන් පුද්ගලයන් සහ සමාජය ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.
මෙවැනි නීති විරෝධී හා වංචා සහගත ව්‍යාපෘති නිර්මාණය කරන්නන් සැබැවින්ම නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටත් වඩා දරුණු අපරාධකරුවන් වන්නේ මත්ද්‍රව්‍ය මත්පැන් ජාවාරම්කරුවන් පාරිභෝගිකයාගේ කැමැත්ත මත අවශ්‍යතා සපයන නමුත් රැවටීමකට ලක්කිරීම මගින් අනුන්ගේ මුදල් තමන් සතු නොකරගන්නා බැවිනි.
වඩාත් යාවත්කාලීන වූ මෙම ව්‍යාපෘති කෙතරම් කූටසහගත වී ඇත්තේ පිර්මීඩය බිඳ වැටීමට ආසන්න අවස්ථාව වන විට ව්‍යාජ පරිඝණක පද්ධති බිඳ වැටීමක් මවා පාමින් පුද්ගලයන් ආයෝජන මුදල් ඉවත් කරගැනීම වැලකවීමට කටයුතු කරන අතර මේවා සමහරක් සතු ව්‍යාජ සංඥා කන්ඩායම් පද්ධතිය බිද වැටීම ආසන්නයේ මෙතෙක් ලාභ පමණක් ලැබූ ආයොජන පාඩු ලැබූ බව පෙන්වමින් ලක්ෂ ගනනකින් යුත් ආයෝජකයින්ගේ ආයතන ගිණුම් සෘණ අගයකට පත්වන සේ මුදල් සියල්ල ඉවත්කරගෙන පාඩුව ආයොජකයා ගෙවිය යුතු බවත් නැත්තම් නීතිමය පියවර ගන්නා බවත් ව්‍යාජ තර්ජනයක් කිරීමට තරම් පහත් අඩියකට වැටී තිබේ.ඇතමෙක් මේ ව්‍යාජ තර්ජනයට බියෙන් එම මුදලද ගෙවීමට කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයනගේ මූල්‍ය දැනුමේ දුර්වලතාවය මැනවින් පිලිබිඹු කරයි.
ඇල්බේනියානුවන් සම්පූර්ණයෙන් විනාශ වීමට 1991-1997 කාලයේ මුළු ජනගහනයෙන් 70% පමණ යොමුවූ පිරමිඩාකාර ponzi ගනුදෙනු හේතුකාරක වූ අතර ශ්‍රීලංකාවේ එවැන්නක් සිදුවීම වැලැක්වීමට නිසි නීති ප්‍රතිසංස්කරණ මගින් මේවා නිර්මාණය කරන අපරාධකරුවනට දැඩි දඬුවම් ලබා දිය යුතුය.
පිරමිඩාකාර ගනුදෙනු වලට මුලින් සම්බන්ධ වන්නන් අති විශාල ධනයක් අත්පත් කර ගන්නා බව ඒවාට ඇදීයන අතිවිශාල මුදල් සම්භාරය අනුව පැහැදිලි වන නමුත් මෙතෙක් අත්දැකීම් වලට අනුව කෝටිපතියන් කිහිප දෙනෙක් හෝ බිහිවිය යුතුවුවද එවැනි කිසිවෙකු තාවකාලික ධනවත්භාවයක් සහ අනතුරු රෝග පරිහානි මගින් නැවත සිටි තත්ත්වයටත් වඩා ආර්ථික වශයෙන් පහල වැටීම හැර පවත්නා ධනයක් අත්පත්කර ගැනීමට සමත් නොවන්නේ ආගම් දර්ශන කර්ම කර්මඵල විශ්වාස නොකලද රැවටීමට ලක්වන්නන්ගේ ලේ කඳුළු දුක් සුසුම් ඔවුන් අත්පත් කරගන්නා කිලිටි මුදල් වල තැවරී ඇති නිසා ස්වාභාවධර්මය ලබා දෙන දඬුවමක් ලෙස විය යුතුය.
මෙය පිරමිඩ ගනුදෙනු වලට පමනක් සීමා නොවන අතර රැකියාව,භාණ්ඩ ,සේවා සැපයීම යන කුමන කාර්යයක යෙදුනද තමන් ලබන මුදලට සෑහෙන සාධාරණය ඉටු නොකරන සියලුම දෙනාට අත්දැකීම් මගින්ම තහවුරු කර ගත හැකි සත්‍යයකි!!!
A.W.G.M.Sameera