එන්ජින් ඕවර්හෝල් කියන්නේ මොකක්ද? එන්ජින් ඕවර්හෝල් කරන්න වෙන්නේ ඇයි?
වාහනයක එන්ජින් ඕවර්හෝල් එකක් කරන්නෙ වෙනවා කියන එක වාහනයක අයිතිකාරයකුට අත් දකින්න වෙන නපුරුම හීන වළින් එකක් කියලා කිව්වත් වැරැද්දක් නෑ.මේ කර්තව්‍යට දින ගනනක් හෝ සති ගනනක් ගතවෙනවාට අමතරව අද පවතින භාණ්ඩ හා සේවා වල අධික අයකිරීම් නිසා විශාල මුදලක් වියදම් කරන්නත් වෙන්න පුළුවන්.
කෙසේ වෙතත් එන්ජින් ඕවර්හෝල් එකක් කියන්නේ මොකක්ද ? ඇත්තටම වාහනයකට එන්ජින් ඕවර්හෝල් එකක් කරන්න වෙනවා කියලා පෙන්නුම් කරන මග සලකුණු මොනවාද?ඔබට මේ සම්බන්ධයෙන් තිබෙන සියළු ගැටළු පිළිබදව සියළු කරුණු ගැන මේ ලිපියෙන් විස්තරාත්මකව සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා.
එන්ජින් ඕවර්හෝල් කරනවා කියන්නේ මොකක්ද?
එන්ජිම ඕවර්හෝල් එහෙම නැත්තම් එන්ජිම ප්‍රතිස්ථාපනය කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ එන්ජිමේ බරපතල දෝෂයක් පවතින බව හඳුනා ගැනීමෙන් පසු එම දෝෂ නිවැරදි කර ගැනීමේ ක්‍රියාවලියක් ලෙසයි දෝෂයක් හඳුනාගැනීමකින් තොරවත් අධික කිලෝමීටර ගනනක් ධාවනය කරන ලද එන්ජින් (කොටස් ගෙවී ඇතැයි අනුමානය කර) කලාතුරකින් එන්ජින් ඕවර්හෝල් කිරීමට යොමුකරනු ලබනවා
එන්ජින් ඕවර්හෝල් එකක් හා එන්ජින් රෙපෙයාර් එකක් කියන්නේ එකම දේටද?
නෑ. එන්ජින් රෙපෙයාර් එකක් කියන්නේ එන්ජිමක යම් නිශ්චිත දෝෂයක් හඳුනා ගැනීමකින් පසු එය පමණක් නිවැරදි කිරීමයි ඇතැම් එන්ජින් රෙපෙයාර් වලට එන්ජිම විවෘත කිරීමට පවා අවශ්‍ය වන්නේ නෑ. නමුත් එන්ජින් ඕවර්හෝල් නැත්නම් එන්ජිම ප්‍රතිස්ථාපනයට අනිවාර්‍යයෙන් එන්ජිම විවෘත කිරීමට සිදු වෙනවා
මෙම එන්ජිම විවෘත කරන ප්‍රමාණය මත එන්ජින් ඕවර්හෝල් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනු ලබනවා
1)එන්ජින් ටොප් ඕවර්හෝල්
2)එන්ජින් ෆුල් ඕවර්හෝල්
එන්ජින් ඕවර්හෝල් එකකදී එන්ජිමේ බොහෝ කොටස් ප්‍රතිස්ථාපනයකට ලක් වෙනවා නැත්නම් නවීන කොටස් යොදා පිලිසකර කරනවා එම නිසා වියදම් අධික වුවත් නිවැරදිව සිදු කරගතහොත් නැවතත් zero මයිලේජ් එහෙම නැත්නම් නවතම එන්ජිමක් සහිත වාහනයක් ධාවනයේ මිහිරි අත්දැකීම ලබාගැනීමට කලාතුරකින් ලැබෙන කදිම අවස්ථාවක් ලෙසත් මෙය සලකන්න පුළුවන්
එන්ජින් ටොප් ඕවර්හෝල්
එන්ජිමේ ඉහල කොටස පමණක් විවෘත කර සිදුකරන ආදේශන කටයුතු එන්ජින් ටොප් ඕවර්හෝල් ලෙස හදුන්වනු ලබනවා එන්ජින් ඕවර්හෝල් අතරින් බහුලව සිදු කරන්නේ මෙම මාදිලියේ ඕවර්හෝල් වන අතර මෙය බරපතල බවින් සාපේක්ෂව අඩුයි වැයවන ශ්‍රමය, වියදම හා කාලයද සාපේක්ෂව අඩුයි.වඩා පහසුවෙන් ලඟාවිය හැකි එන්ජිමේ කොටස් වල ඇතිවූ දෝෂ නිරවද්‍ය කිරීමට මෙම ක්‍රමය යොදා ගන්නවා
එන්ජින් ටොප් ඕවර්හෝල් එකකදී සාමන්‍යයෙන්
යන කොටස් ආදේශනයට ලක් කරනු ලබනවා
එන්ජින් ෆුල් ඕවර්හෝල්
මේ මාදිලියේ ඕවර්හෝල් ආදේශන කටයුත්තකදී සම්පූර්ණ එන්ජිම ගලවා කැබලි කරනු ලබනවා බරපතල බවින් සාපේක්ෂව ඉහල මෙම මාදිලියේ ෆුල් ඕවර්හෝල් එකක් එන්ජින් හෙඩ් එකට පහලින් පිහිටා ඇති ලඟාවීමට අපහසු කොටස් ආදේශනයට යොදාගනු ලබනවා
ශ්‍රමය හා කාලය වැඩියෙන් යෙදීමට සිදුවන ෆුල් ඕවර්හෝල් එකකට වැයවන මුදලත් වැඩියි.
එන්ජින් ෆුල් ඕවර්හෝල් එකකදී සාමාන්‍යයෙන්
ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය කොටස් ආදේශනයට ලක් කරනු ලබනව. අවශ්‍යතාව මත ක්‍රෑන්ක් ෂාෆ්ට් රීබිල්ට් කිරීම එන්ජින් බ්ලොක් රීබෝර් ,රීග්‍රයින්ඩින් කර පිස්ටන් ස්ලීව්ස් යෙදීමත් බහුලව සිදුකරනු ලබනවා
එන්ජින් ඕවර්හෝල් එකක් කරන්න වෙනවා කියලා පෙන්නුම් කරන සාධක මොනවාද?
මේවා ගැන කියන්න කලින් කිව යුතුම කාරණාවක් තිබෙනවා එන්ජිමේ දෝෂයක් තියෙනවා කියලා සැකයක් ඇතිවුවහොත් පලපුරුදු කාර්මිකයකු ලවා පරීක්ෂාවක් කර තහවුරු කර ගත යුතුයි අප සතුව සැලකිය යුතු මෝටර් කාර්මික දැනුමක් නොමැතිනම් මෙම සලකුණු වැරදි ලෙස හදුනාගැනීමට ඉහල අවස්ථාවක් තිබෙනවා.
වාහනයේ සයිලන්සරයෙන් සුදුපාට දුමක් නිකුත් වීම
මේකට හේතුව වාහනයේ එන්ජින් ඔයිල් දහන කුටීරයට ඇතුළු වී ඉන්ධන වායු මිශ්‍රණය සමග දහනය වීමයි මෙයට හේතුව අධික ගෙවීයාමකට ලක්වූ හෝ කැඩීයාමකට ලක්වූ පිස්ටන් රිංග්ස් වීමට ඉහල ඉඩකඩක් තිබෙනවා මෙය වර්ෂාවකදී හෝ උදෑසන සයිලන්සරයේ ඝනීභවනය වූ ජලය හෝ ජල වාෂ්ප නිසා ඇතිවූවක් නොවන බව වෙන්කර හඳුනාගත යුතු වෙනවා.
එන්ජින් ඔයිල් මට්ටම් වේගයෙන් අඩු වීම
එන්ජින් ඕවර්හෝල් එකක් අවශ්‍ය බව පෙන්නුම්කරන තවත් සාධකයක් වනුයේ නිතරම එන්ජින් ඔයිල් මට්ටම පහල බැසීමත් ඒ නිසා නිතා එන්ජින් ඔයිල් නැවත එකතු කිරීමට සිදු වීමය මෙයට පිස්ටන් රිංග් වල ප්‍රශ්නයක් නිසා එන්ජින් ඔයිල් දහනයට ලක් වීම හෝ එන්ජින් ඔයිල් කාන්දුවක් හේතු විය හැක.
නිතර එන්ජිම අධික රත්වීමකට ලක් වීම
එන්ජිම අධික රත්වීමකට ලක් වීමට බලපාන සාමාන්‍ය හේතුව නම් රේඩියේටරයේ පවතින කාන්දුවක් ඒත් රේඩියේටරයේ ගැටළුවක් නොමැතිව එන්ජිම අධික රත්වීමකට භාජනය වන්නේ නම් සිලින්ඩර් හෙඩ් ගෑස්කට් ගැටළුවක් වීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා නිතරම ඔබහේ එන්ජිම අධික රත්වීමකට භාජනය වන බව වාහනයේ අනතුරු සංඥා පුවරුවේ පෙන්නුම් කරන්නේ නම් රේඩියේටර ගැටළුවක් නැත්නම් වහාම පලපුරුදු කාරමිකයකු ලවා පරීක්ෂාවක් සිදුකර ගන්න.
සයිලන්සරයෙන් කළුපාට දුමක් පිටවීම
සයිලන්සරයෙන් කළු දුම් පිටවීම එන්ජිමේ පිස්ටන වල හා ඇතුළු කර ගැනීමේ වෑලව වල කාබන් එක්රැස් වී ඇති බව පෙන්නුම් කරන ප්‍රධාන සංඥාවක් මෙය විශේෂයෙන් ඇක්සලරේටරය පෑගීමේදී ඉහල යනවා කියන්නේ එන්ජිමේ ගෙවීයාම තවත් වැඩිවනවාට අමතරව එන්ජිමේ බලය හා ඉන්ධන කාර්‍යක්ෂමතාවයද අඩුවෙලා වෙන්න පුළුවන් මෙ ලක්ෂණ එන්ජින් ඕවර්හෝල් එකක් අවශ්‍ය බව පෙන්නුම් කරනවා.
එන්ජිම මිස්ෆයර් වීම හා එන්ජිමේ කාර්‍යක්ෂමතාව පහල බැසීම
එන්ජිම මිස් ෆයර් වීමට හේතුව එන්ජින් සිලින්ඩරයේ ඉන්ධන දහනය ක්‍රමවත් නොවීමයි. වඩා සරල කාරණය ස්පාර්ක් ප්ලග් වල හෝ ඉග්නීශන් කොයිල් වල ප්‍රශ්නයක් වීමයි එය පහසුවෙන් නිවැරදි කල හැකියි නමුත් ඉග්නීෂන් පද්ධතියේ ගැටළුවක් නොමැතිව අඩු RPM අගයකදී එන්ජින් මිස්ෆයර් වීමට හේතුව විය හැක්කේ දහන සිලින්ඩරය තුල වාතය හා ඉන්ධන අනුපාතය නිවැරදි නොවීමයි මෙයට ගෙවීගිය පුපුරාගිය පිස්ටන් හෝ පිස්ටන් රිංග්ස් හේතුවන නිසා බොහෝ විට එන්ජින් ඕවර්ගෝල් එකක් අවශ්‍ය විය හැක.
එන්ජිම ඔන් එකේ පවතින විට අසාමාන්‍ය ශබ්ද නිකුත් වීම
එන්ජිමෙන් අසාමන්‍ය ශබ්ද නිකුත් වීමට හේතු ගනනාවක් තිබිය හැකි අතර ඇතිල්ලෙන ශබ්දයක් නිකුත්වේ නම් කැඩීගිය පිස්ටන හෝ පිස්ටන් රිංග් නිසා හෝ ගෙවීගිය එන්ජින් මවුන්ට් නිසාමෙම ශබ්දය ඇතිවනවා විය හැක තට්ටුකරන ශබ්දයක් ඇසේ නම් ක්‍රෑන්ක් ශාෆ්ට් හා පිස්ටන අතර පරතරය වැඩි නිසා (ගෙවීයාම) නිසා හෝ ට්‍රේන් වෑලව් ප්‍රශ්නයක් නිසා ඇතිවිය හැක අසාමාන්‍ය ශබ්දයක් නිකුත්වේ නම වහාම එන්ජිම කාර්මිකයකු ලවා පරීක්ෂා කර ගැනීමෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවීම අවම කරගත හැකියි.
එන්ජින් ඔවර්හෝල් එකක් මේ තරම් මහන්සි වෙලා කාලය වැය කරලා වියදම් කරලා කරන්න තරම් වටිනවාද?
මේකනම් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් මේකට උත්තරේ ඔවි හෝ නෑ යන උත්තර දෙකෙන් ඕනෙම එකක් වෙන්න පුළුවන් ඒ සඳහා බලපාන සාධක ගනනාවක් බලපානවා
මේ ප්‍රශ්න වලට දෙන උත්තරේ බුද්ධිමත්ව ගලපාගත්තොත් නිවැරදි තීරණයක් ගන්න පහසුවක් වේවී
By Peak Auto bloggers