ඩොලර් අගය අඩුවීමත් සමග වාහන මිලත් අඩුවෙයිද??

ඩොලර් අගය අඩුවීමත් සමග වාහන මිලත් අඩුවෙයිද??

Blog
27. Mar 2023
975 views
ඩොලර් අගය අඩුවීමත් සමග වාහන මිලත් අඩුවෙයිද??

ඩොලර් අගය අඩුවීමත් සමග වාහන මිලත් අඩුවෙයිද??

පසුගිය දිනවල රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය තරමක අවප්‍රමාණ වීමක් අත්දකින්නට ලැබුනි.මේ සමග ඉහල මට්ටමක තිබෙන ශ්‍රී ලංකාවේ වාහන මිල සීඝ්‍රයෙන් පහල බසිනු ඇති බව බොහෝ දෙනෙක් පුරෝකථනය කරන බවක් දකින්න ලැබුනි ඇත්තටම වාහන මිල අඩුවෙයිද? මේ ළිපියෙන් ඒ ගැන ඔබට නිවැරදි පුරොකථනයක් ලබා දීම අපේ අරමුණයි.

වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩි උනේ ඇයි??

කොරෝනා වසංගතයත් සමගම අපට දරුණු ඩොර් අර්බුදයකට මුහුණ දීමට අපට සිදු උනා.,ඊට මුහුණදීමේ විකල්පයක් ලෙස  ආනයන සීමා පැනවීමත්  සමග නිරායාසයෙන් ඇතුවූ වාහන හිඟයත් සමග ලංකාවේ තිබූ ඒ වනවිට තිබූ ලියාපදිංචි නොකල වාහන,හා පාවිච්චි කල වාහන මිල සීඝ්‍රයෙන් ඉහල ගියා.මේ වන විට ලියාපදිංචි නොකල ජපන් හෝ යුරෝපීය වාහනයක් මෙරටින් සොයා ගැනීම පහසු කටයුත්තක් නොවේ.

ඕනෑම භාණ්ඩයක මිල තීරණය වන ප්‍රධාන සාධකය ඉල්ලුම හා සැපයුමයි.එනම් සැපයුම සීමාකාරී වන විට භාණ්ඩ වල ඉල්ලුම ඉහල යනවා සහ මිල ඉහල යනවා

ආනයන සීමා ඉහිල් නොකරම වාහන මිල අඩූඋනේ ඇයි?

පසුගිය මාස කිහිපයේ වාහන මිල සැලකිය යුතු ලෙස පහල බැස්සා.ඊට ප්‍රධාන හේතුව කෘතිමව සිදුවූ වාහන ඉල්ලුම අඩු වීමයි.

මෙම  කෘතීම ඉල්ලුම පහල යාමට හා මිල පහල යාමට හේතු ගනනාවක් බලපෑවා

  • රජය විසින් ගත් යම් ප්‍රතිපත්තිමය තීරණ
  • ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහලයාම
  • වාහන අමතර කොටස් මිල සීඝ්‍රයෙන් ඉහල යාම.
  • ලීසිං පොළී අනුපාත ඉහල යාම.
  • රක්ෂණ සමාගම් වලින් ලබා දෙන පූර්ණ ආවරණය වාහනයේ වටිනාකමට වඩා අඩු වීම

 

ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණ උනොත් තවදුරටත් වාහන මිල අඩුවෙයිද?

ආනයන සීමා තවදුරටත් ක්‍රියාත්මකයි.නැතහොත් තවම නැවත වාහන ආනයනය කරන දිනයක් ගැන වත් සඳහනක් නෑ.අපට මේ වන විට මිලදී ගැනීමට සිදුවී ඇත්තේ, මෙරට් භාවිත කල හෝ කාලයකට කලින් මෙරටට ආනයනය කරන ලද වාහනයකි.වෙනත් විධියකට පැවසුවහොත් ආනයන සීමා ලිහිල් නොකර ඩොලරය කෙතරම් අඩු රුපියල් ගනනකින් මිලදී ගත හැකි වුවද එය මෙරට රුපියල් වලින් මිලදී ගැනීමට සිදුවන මෝටර් රථ මිලට සෘජුව කිසිදු බලපෑමක්  සිදු නොකරයි

වක්‍රව සිදුවිය හැකි බලපෑම නම් අමතර කොටස් හා ඉන්ධන මිල අඩුවීමට ඇති හැකියාවයි. ආනයන් සීමා ඉහිල් නොකර එසේ වුවහොත් නැවත වාහන ඉල්ලුම වැඩිවී මිල ඉහල යාමට හේතුවක් විය හැක

මේ වන විට සිදුවන කෘතීම මිල පහල යාම දිගටම සිදු වේ යයි බලාපොරොත්තු වීම වැරදිය.බොහෝ විට එය යම්කිසි ඉහල වටිනාකමකදී ස්ථාවර වීමේ ඉහල සම්භාවිතාවක් ඇත.ආනයන සීමා පැනවීමට පෙර තිබූ මිල වාහන ආනයන නොකර කිසි විටකත් බලාපොරොත්තු විය නොහැක

හදිසියේ නැවත වාහන ආනයනය ආරම්භ කලද ඩොලරය පාලනයෙන් ගිලිහීම නිසා ඩොලරය ඉහල යාමේ සම්භාවිතාව ඉතා ඉහල නිසා මිල අඩු වීමක් අපේක්ෂා කල නොහැක.

ප්‍රවාහනය රටක ප්‍රධාන අවශ්‍යතවයකි.පොදු ප්‍රවාහනය ඉතා නොදියුණු රටක ,වාහනයක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුගේ සිහිනයකි  එහෙත් අධික මිල මෙයට විශාල බාධාවකි.පෞද්ගලික වාහන අවශ්‍යතාවයට ප්‍රයෝජනයට ගැනීමට වඩා මෙරට බොහෝ දෙනෙකු  යොදාගන්නේ සමාජ තත්වය ප්‍රදර්ශනය කිරීමේ මෙවලමක් ලෙසය

 බදු මගින් නිෂ්පාදන සමාගම ලබන ලබන ලාභය මෙන් කිහිප ගුණයක් රුපියල් වලින් ලාභ ලැබීමේ අවස්ථාව රජය අතහැර දමා ඇත්තේ ඩොලර් හිඟයට පිළියමක් වශයෙනි. මිලදී ගන්නාගේ අවාසනාවකට වෙනත් රටවල විනාශ කර දමන පැරණි වාහන ඉහල මිලක් ගෙවා මිලදී ගැනීමට මෙරට් පාරිභෝගිකයාට සිදුවී ඇත.වෙනත් ආකාරයකින් කීවොත් ඇතැම් ජපන් වාහන වසර ගනනාවක් පාවිච්චි කර මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට විකිණීමට ඇතමෙකුට අවස්ථාව උදා කරදී ඇත.